ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යානා දහයකින් යුත් ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 20ක අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් දී තිබේ.
2013 වසරේදී ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසින් අදාළ යුරෝපීය ගුවන් සමාගමෙන් ලබාගත් බව කියන මෙම අල්ලස් මුදල නාමල් රාජපක්ෂ මහතාට ලබාදී ඇති බවට විමර්ශනවලදී හෙළි වීම හේතුවෙන්, නීතිපතිවරයා වෙනුවෙන් සිද්ධිය අධීක්ෂණය කරන අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා මෙම උපදෙස් ලබා දී ඇත. කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් මීට පෙර සැකකරුවන් ලෙස නම් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.













