• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාමල්ගේ සංවිධානයෙන් මෙවර පොහොට්ටුවේ මැයි රැළිය පවත්වන්නේ – මන්ත්‍රි කුට්ටිආරච්චි

22 April 2024
in දේශීය, පුවත්
ජවිපේ නායකයා කියන කියන පලියට රටේ ජනාධිපතිට වැඩකරන්න බැහැ – මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

මැයි 01 තරුණ කණ්ඩායම් ඒකරාශි කරගනිමින් අපගේ ජ්‍යෙෂ්ඨයින්ගේ අවවාද අනුශාසනා ඇතිව ඉතාම සාර්ථක මැයි රැළියක් පැවැත්වීමට සූදානම් කරනු ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා, “මේ දවස්වල දේශපාලන කරලියේ විවිධ හැලහැප්පීම් මැද තමයි මේ දවස් ගෙවිලා යන්නේ. ඒ හැලහැප්පීම් මත ප්‍රධානතම දිනයක් සනිටුහන් වෙනවා තව නොබෝ දිනයකින් ඒ මැයි මාසයේ 01 ලෝකවාසි කම්කරු ජනතාවගේ දවස විදිහට. එදා දවස අපේ ශ්‍රී ලංකාවාසි දේශපාලනය කරන සියලූම ජනතාවටත්, කම්කරු ජනතාවටත් විශේෂ දවසක්. සියලූම දේශපාලන පක්ෂවලට, අනුබද්ධ සංවිධාන සියල්ලම, වැඩකරන ජනතාවගේ සංවිධාන සියල්ලම ඒකාබද්ධ කරගෙන මහා දැවැන්ත මැයි රැළියක් පවත්වනවා. මැයි රැළියක වැඩිම ජනතාවක් ඒකරාශි කරලා, වැඩිම වැඩකරන ජනතාවක් එකතුකරලා වාර්තාවක් තියලා තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඒ මැයි රැළියෙන් පස්සේ දැන් එන මැයි රැළියෙදිත් හුඟක් දෙනෙක් බලාගෙන ඉන්නවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළියේ තත්වය කෙසේද කියලා. අපි මැයි 01 කොළඹ කැම්බල් පිටියේ සවස 2.00 ට මැයි රැළියට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. වැඩකරන ජනතාව පක්ෂ පාට පංති භේදයකින් තොරව බහුතරයක් සහභාගිවෙන මැයි රැළිය බවට පත්වෙන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය. අද රටේ වැඩකරන ජනතාවට විශාල ප්‍රශ්නයක්. එදා මහින්ද රාජපක්ෂ යුගයේ වැඩකරන ජනතාව සතුටෙන්ම සිටිය යුගයක් තමයි මහින්ද රාජපක්ෂ යුගය කියන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ආර්ථික කළමණාකරණයත් එක්ක ගමට මුදල් ගලාගෙන යන වැඩසටහනක් හැදුවා. ඒ වැඩසටහන හරහා ගමේ පාරවල්, බොක්කු ටික හැදුනා. අද වෙනකොට ගමේ ආර්ථිකය යම් මට්ටමකට දුර්වල වීගෙන යන යුගයක්. ගමේ ආර්ථිකය පිළිබඳව විශාල ගැටලු, කරුණු කාරණා තිබෙන කාලයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ මැයි දින රැළියට සමස්ථව රටට ආදරය කරන, වැඩකරන ජනතාව බහුතරයක් අපේ මැයි රැළියට සහභාගිවෙයි කියලා. අපි ලක්ෂයකට ආසන්න ජනතාවක් අපි බලාපොරොත්තු වෙන්නේ. සමහරු අපිට චෝදනා කරනවා බස් රථවලින් මැයි රැළියට සෙනග අදිනවා කියලා. අම්පාර, පොලොන්නරුව, අනුරාධපුරය, මොණරාගල වැනි ඈත දුෂ්කර ප්‍රදේශවල ඉදලා කැම්බල් පිටියට පයින් එන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම බස් රථවලින් තමයි ඔවුන්ට එන්න වෙන්නේ. එය හන්ගන්න දෙයක් නොවේ. නැවතවතාවක් ග්‍රාමීය ආර්ථිකය සක්‍රීය කරගන්න , ගමයි නගරයයි යා කරගන්න පොදුජන පෙරමුණ ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් පත් කරගැනීමේ සටන ආරම්භ කරනවා මැයි 01 මැයි රැළියේදී. මේ රටේ තිබෙන ප්‍රධාන පක්ෂවල තරුණ වයසේ ඉන්න එකම ජාතික සංවිධායකවරයා සිටින පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඒ නිසා ඒ තරුණ නව ජාතික සංවිධායකවරයා සංවිධානය කරන පළමු මැයි රැළිය තමයි මේ මැයි රැළිය. ඒ නිසා තරුණ කණ්ඩායමක් විදිහට රට වටේ ගිහිල්ලා මේ කාර්යයට උරදිලා අපි විශ්වාස කරනවා ඉතාම සාර්ථක මැයි රැළියක් අපේ නව ජාතික සංවිධායකතුමා යටතේ පවත්වන්න පුළුවන් කියලා. ජ්‍යෙෂ්ඨයින්ගේ, වැඩිමහල් පිරිසගේ අවවාද අනුශාසනා අත්දැකීම් අපිට අවශ්‍යයි. ජ්‍යෙෂ්ඨ පිරිසට කවලම් වුණු තරුණ කණ්ඩායමකුත් පාර්ලිමේන්තුවට ගෙනල්ලා තනතුරු ලබාදීමේදී නව අදහස් තිබෙන තරුණ කණ්ඩායම්වලට අවස්ථාව දෙන්න. හේතුව මහින්ද රාජපක්ෂ යුගයේ හදපු වරාය විකුණන එක නොවේ අපේ රටේ ආර්ථිකය කියන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා හදපු ගුවන්තොටුපොලේ වී ගබඩා කිරීම නොවේ අපේ සංකල්පය වෙන්න ඕන. රටේ ජනතාවට වෛරය ක්‍රෝධය වපුරන එක නොවේ මේ කාලසීමාව තුළ සිදුවෙන්න ඕන. මේ රට වැටිලා තිබෙන අවස්ථාවක්. ලෝකයේ රටවල් වැටුණ අවස්ථාවල එකමුතුවෙලා තමයි ඒ රටවල් දියුණු කරගත්තේ. ඒ නිසා අපි මේ රට ගොඩගන්න නම් අලුත් සංකල්පනයක් අවශ්‍යයි. මැයි 01 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි විශ්වාස කරනවා තරුණ කණ්ඩායමක් එකට ඒකරාශි කරගෙන අපේ සිටින ජ්‍යෙෂ්ඨයින්ගේ අවවාද අනුශාසනා ඇතිව ඉතාම සාර්ථක මැයි රැළියක් කරා මේ රටේ අනාගතය භාරගැනීමේ වැඩසටහන අපි මැයි 01 ක්‍රියාත්මක කරනවා යැයි මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11,068
Previous Post

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ලබන 24 වනදා මෙරටට

Next Post

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේදී නීරෝගී දිවියකට අත්වැලක් සංවිධානයෙන් සෞඛ්‍ය වෛද්‍ය සායනයක්

editor ttvnews

editor ttvnews

Next Post
මෙම වසරේ පළමු “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායනය ගාල්ල ඇත්කඳුර සීවලී විද්‍යාලයේ දී

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේදී නීරෝගී දිවියකට අත්වැලක් සංවිධානයෙන් සෞඛ්‍ය වෛද්‍ය සායනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved