දේශීය සංගීත ක්ෂේත්‍රයේ අභිමානවත් “ජාතියේ යශෝරාවය” ලෙස සැලකෙන ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ උපන්දිනය සහ කලා මෙහෙවර වෙනුවෙන් උපහාර දක්වමින් සංවිධානය කරනු ලබන “ජාතියේ යශෝරාවය – ආචාර්ය නන්දා මාලිනී සැමරුම් සංධ්වනය” විශේෂ වැඩසටහන සැප්තැම්බර් 22 වන දින පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කොළඹ ආනන්ද සමරකෝන් මැදිරියේදී එදින පෙළවරු 11.00 ට ආරම්භ වන මෙම විශේෂ කලා මණ්ඩපය සඳහා ප්‍රවීණ ගීත රචකයින් සහ ප්‍රසාංගික කලාකරුවන් වන බණ්ඩාර ඇහැලියගොඩ, කුලරත්න ආරියවංශ සහ බන්දුල නානායක්කාරවසම් යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය. ජාතික ගුවන් විදුලියේ සංගීත අංශයන් සපයනු ලබන පූර්ණ සෞන්දර්යාත්මක සම්භාවිතාවයෙන් අලංකාර වන මෙම ප්‍රසංගය වෙළඳ සේවය සහ City FM නාළිකා ඔස්සේ සජීවීව විකාශය කෙරේ.













