අනුරාධපුර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියකට සිදුවූ ළමා අපයෝජන සිදුවීම සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අඛණ්ඩව නියාමනය කරමින් සිටියි. මෙම සිදුවීම වාර්තා වූ දින සිටම අධිකාරිය ඒ පිළිබඳව සොයා බලන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
දැරියගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සහ ඇයට යුක්තිය ඉටුවන පරිදි විමර්ශන කටයුතු සිදුවනවාදැයි අධිකාරිය නිරන්තරයෙන් නියාමනය කරනු ලබයි.
මෙම විමර්ශන කටයුතු සම්බන්ධයෙන් හෝ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත කිසිදු පාර්ශ්වයකින් බලපෑමක් එල්ල වී නොමැත.දැරියගේ උපරිම යහපත වෙනුවෙන් අවශ්‍ය සෑම අවස්ථාවකදීම සුදුසු පියවර ගැනීමට අධිකාරිය සූදානමින් සිටියි.වින්දිත දැරිය මේ වන විට විශේෂ රැකවරණ මධ්‍යස්ථානයක ඉතාම සුරක්ෂිතව රඳවා ඇයගේ ආරක්ෂාව තහවුරු කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් මහජන කැළඹීමක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත්, අනවශ්‍ය ලෙස මහජන කැළඹීමක් ඇති වුවහොත් එමගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා එල්ල විය හැකි බවත් අධිකාරිය අවධාරණය කරයි.














