27 April 2024
#දේශීය

විදෙස් රැකියාවේ නිරතවූවන්ට ජාතික වෘත්තීය සුදුසුකම් ප්‍රදාන වැඩපිළිවෙලක්

විදේශයන්හි රැකියාවේ නිරතව සිටකොවිඩ් 19 වසංගතය නිසා සියරට පැමිණි ශ්‍රමිකයින් සඳහා ක්‍රියාත්මක “පෙරදැනුම් ඇගයීම් ක්‍රමවේදය” මඟින් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ප්‍රදාන කිරීමේ වැඩසටහනක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අනුග්‍රහයෙන් හා තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සම්බන්ධීකරණයෙන් දියත් කර ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැත්විණ. ඒ සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති, ඉංජිනේරු, උදේනි වික්‍රමසිංහ ,එහි අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ. ලලිතධීර සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජානක ජයලත්, අධ්‍යක්ෂ, ආචාර්ය අජිත් පොල්වත්ත, අධ්‍යක්ෂ මංජුල විදානපතිරණ යන මහත්වරුන් සහභාගි වී සිටියේය.

විදේශයන්හි සේවය කර සියරට පැමිණ නැවත විදේශ ගත වීමට හෝ මෙරට වෘත්තීන්හි නිරත වීමට හෝ අපේක්ෂා කරන අයට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) එනම් නිපුණතාව සහිතව තමා තෝරාගත් වෘත්තියට පිවිසීමට එය උපකාරි වනු ඇත.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ප්‍රකාශිත නිපුණතා දශකය යටතේ මේ ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *