පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 23,270කට යටත්ව චෝදනා ලබා සිටින නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද ලිඛිත දේශන ගොනු කර තිබේ. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම ලිඛිත දේශන ඉදිරිපත් කර ඇති අතර, අනතුරුව අදාළ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 22 වනදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල නිවේදනය කර ඇත.














