බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව මාර්ගයේ සඳුන් උයන ප්‍රදේශයේදී අද (24) දහවල් දියවන්නා ඔයට ඇද වැටුණු කාන්තාවක්, ශ්‍රී ලංකා නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් විසින් සාර්ථකව බේරාගෙන තිබේ.
මෙලෙස දියවන්නා ඔයට ඇද වැටී ඇත්තේ 59 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. බේරාගත් පසු ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව නාවික හමුදාව සඳහන් කරයි.














