මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සහ අපරාධ නිවාරණය අරමුණු කරගනිමින් රට පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම්වලදී ඊයේ (10) දිනයේ පමණක් සැකකරුවන් 740 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය විසින් සිදු කරන ලද මෙම මෙහෙයුම්වල තොරතුරු පහත පරිදි වේ:
මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේ වැටලීම් 742ක් සිදු කර ඇති අතර, එහිදී සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනිණි. ඉන් සැකකරුවන් 07 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, එක් පුද්ගලයෙකුට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ. තවත් සැකකරුවන් 09 දෙනෙකු පුනරුත්ථාපන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර අපරාධ සහ රථවාහන වැරදි මැඩලීම සඳහා සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී පුද්ගලයන් 26,466 දෙනෙකු පරීක්ෂාවට ලක් කෙරිණි. එම පරීක්ෂණවලදී පහත පිරිස් අත්අඩංගුවට ගෙන ඇත:
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 438 දෙනෙකු, වරෙන්තුකරුවන් 222 දෙනෙකු, බීමත් රියදුරන් 135 දෙනෙකු, අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ 179 දෙනෙකු සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 4121 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩාල කිරීම සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
















