අධ්යාපන අමාත්යාංශය විසින් 40 වැනි වරටත් සංවිධානය කළ සමස්ත ලංකා පාසල් හොකී තරගාවලියේ බාලිකා ශූරතාව දිනාගැනීමට නාවල ජනාධිපති බාලිකා විද්යාලය සමත්ව තිබේ.
කොළඹ 07, රීඩ් මාවතේ පිහිටි කෘත්රිම හොකී ක්රීඩාංගණයේ පැවති තරගාවලියේදී එම විද්යාලය අඛණ්ඩව දෙවැනි වරටත් ශූරතාව හිමිකර ගැනීම විශේෂත්වයකි.
එමෙන්ම තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාවට හිමි කුසලානයද ජනාධිපති බාලිකා විද්යාලයේ නෙතුලි දිනෙත්මි විසින් දිනාගනු ලැබුවාය.
විදුහල්පතිනි හසන්ති පතිරත්න, නියෝජ්ය විදුහල්පතිනි තර්ෂා රණසිංහ, ක්රීඩා භාර ආචාර්යවරියන් වන ආර්. පී. ඩී. දිල්රුක්ෂි සහ එම්. ඩී. ඩී. ආලෝකා දිසානායක මෙන්ම පුහුණුකරු චතුර කැලුම් රූපසිංහ ද මෙම ජයග්රහණයට අදාළව සඳහන් කර තිබේ.
















