2026.09.01 දින උදෑසන මීගමුව පොලිස් වසමේ පළගතුපර ප්‍රදේශයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 60ක් වන කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














