මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තියේ දරුණු තත්ත්වයක් පෙන්නුම් කරමින්, ගත වූ පැය විසිහතරක කාලය තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 1,835 දෙනෙකු හඳුනාගෙන තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළේ, මෙම නව රෝගීන් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,835ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
පවතින අයහපත් තත්ත්වය හමුවේ මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.
















