මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන්ගේ නඩු කටයුතු අද (13) සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් 2000ක් පමණ රඳවා සිටි අතර, සිදුවූ නොසන්සුන්තාවයෙන් පසු ඉන් බොහෝ දෙනෙකු මේ වන විට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇත. මෙම රැඳවියන් නඩු කටයුතු සඳහා මීගමුව අධිකරණයට ප්‍රවාහනය කිරීමේදී සිදුවන අධික වියදම සහ ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
සිද්ධිය වූ අවස්ථාවේ බන්ධනාගාරය තුළ සිටි සියලුම රැඳවියන් අපරාධයක සාක්ෂිකරුවන් සහ සැකකරුවන් වන බැවින්, ඇප ලබා ගැනීමට අපේක්ෂා කරන රැඳවියන් සම්බන්ධයෙන් ඒ තත්ත්වය ඉදිරි නඩු වාරවලදී විශේෂයෙන් සලකා බැලෙන බව පොලිසිය සඳහන් කරයි.
















