නේපාලයට බලපා ඇති අධික වර්ෂාව සහ චණ්ඩ මාරුත හේතුවෙන් ඇති වූ ගංවතුර හා නායයෑම්වලින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ අතර, නේපාල කාලගුණ විද්‍යා අංශ විසින් දිස්ත්‍රික්ක 77න් 49කට ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ. ප්‍රධාන ගංගාවල ජල මට්ටම අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින් ජනතාව දැඩි ලෙස විමසිලිමත්ව සිටින ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
















