හිමාල කඳුවැටියේ ග්ලැසියරයක කොටසක් කඩාවැටීමෙන් නේපාලයේ සිදුවූ අනපේක්ෂිත ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 600ක් ඉක්මවා ගොස් තිබේ. නේපාල පොලිසිය පවසන්නේ ව්‍යසනයෙන් මියගිය සංඛ්‍යාව 626ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම, මෙම ඛේදවාචකය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 1,924 දෙනෙකු අතුරුදහන් වී ඇති බව එරට ආපදා අධිකාරිය වැඩිදුරටත් වාර්තා කර ඇත.














