නේපාලයේ සහ ටිබෙට් දේශසීමාවේ හටගත් විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වයෙන් පස්වන දිනටත් සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
පසුගිය බදාදා හටගත් මෙම ව්‍යසනය හේතුවෙන් නේපාලයෙන් පමණක් මරණ 675ක් වාර්තා වී ඇති අතර, විදේශීය පුරවැසියන් 320ක් ඇතුළුව පුද්ගලයන් 2,400කට අධික සංඛ්‍යාවක් තවදුරටත් අතුරුදන්ව සිටින බව නේපාල බලධාරීන් පවසයි. චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ටිබෙට් ප්‍රදේශයෙන් මරණ 7ක් වාර්තා වී ඇති අතර, පුද්ගලයන් 554ක් අතුරුදන්ව ඇති බවයි. කෙසේ වෙතත්, චීන බලධාරීන් විසින් තොරතුරු දැඩි ලෙස පාලනය කරනු ලබන බැවින් ටිබෙට් ප්‍රදේශයේ ව්‍යසනයේ සැබෑ පරිමාණය තක්සේරු කිරීම දුෂ්කර වී තිබේ.
මේ අතර, ගංවතුරෙන් පසු නිර්මාණය වූ විලක ජල මට්ටම මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව චීන නිලධාරීන් තහවුරු කර ඇත.
















