ඉශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන තීරණාත්මක හමුව සඳහා ඉශ්‍රායල අගමැතිවරයා වොෂින්ටනය බලා පිටත්ව ගොස් තිබේ.
ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වූ බෝම්බ හෙලීමේ මෙහෙයුමෙන් පසුව නායකයින් දෙදෙනා මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙය වන අතර, මෙහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ ඉරාන අර්බුදය පිළිබඳව බව නෙතන්යාහු පැවසීය.
මෑත කාලයේ දෙරට අතර ඇතැම් රාජ්‍යතාන්ත්‍රික මතභේද පැවති බව පිළිගත් අගමැතිවරයා, මෙම සංකීර්ණ අවස්ථාවේදී දැඩි තීන්දු මෙන්ම නුවණින් කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය බව සඳහන් කළේය. එළඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත ඉශ්‍රායල මැතිවරණය හමුවේ මෙම හමුව නෙතන්යාහුගේ දේශපාලන ගමනට ද තීරණාත්මක සාධකයක් වනු ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














