ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව (U.S. Treasury) විසින් සිය සම්බාධක ලැයිස්තුවේ (Sanctions List) සඳහන්ව තිබූ පුද්ගලයන් සහ සමාගම් 84ක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
සම්බාධක ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ බැංකු පද්ධතියට සිදුවන අනවශ්‍ය බාධා අවම කිරීම සඳහා ආරම්භ කළ විශේෂ සමාලෝචනයක ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගෙන ඇත. “සම්බාධක යනු සදාකාලිකව පවතින මෙවලමක් නොවේ” යන්න පෙන්වා දෙන ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව, මෙලෙස ඉවත් කරන ලද පිරිස අතර මියගිය පුද්ගලයන් 36 දෙනෙකු, 1990 දශකයේ ඉරාකයට සම්බන්ධ ආයතන 33ක් සහ දැනට ක්‍රියාත්මක නොවන ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු වන බව සඳහන් කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














