ගෝලීය වශයෙන් ඒඩ්ස් (HIV) මර්දනය සඳහා ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් වසංගතය නැවතත් ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර්දන ඒජන්සිය (UNAIDS) නිවේදනය කරයි.
2025 වසර වන විට ඒඩ්ස් මර්දනය සඳහා ලැබුණු ගෝලීය අරමුදල් ප්‍රමාණය 18%කින් පහත බැස ඇමරිකානු ඩොලර් බිලියන 7.3ක් දක්වා අඩු වී ඇති අතර, මෙය ගතවූ දශක දෙකක කාලය තුළ වාර්තා වූ අඩුම ප්‍රතිපාදන ප්‍රමාණයයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ජාත්‍යන්තර ආධාර කප්පාදු කිරීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
මෙම අරමුදල් හිඟය හේතුවෙන් 2030 වන විට ලොවින් ඒඩ්ස් වසංගතය තුරන් කිරීමට තබා තිබූ ගෝලීය ඉලක්කය අඩාල වී ඇති අතර, විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයේ ඒඩ්ස් වැළැක්වීමේ සහ පරීක්ෂණ පැවැත්වීමේ වැඩසටහන් රැසක් අඩපණ වී ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














