පොල් වගා කිරීමේ මණ්ඩලයේ සහ පොල් සංවර්ධන අධිකාරියේ පවතින මානව සම්පත් හිඟය පියවමින් එම ක්ෂේත්‍රයේ ප්‍රගතිය වේගවත් කිරීම සඳහා නව නිලධාරීන් 56 දෙනෙකු අලුතින් බඳවා ගෙන තිබේ. මෙයට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (අප්‍රේල් 20) සිදු විය.
මෙම බඳවා ගැනීම් හරහා පොල් ක්ෂේත්‍රයේ පරිපාලන, තාක්ෂණික සහ ක්ෂේත්‍ර මට්ටමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට රජය අපේක්ෂා කරයි. පත්වීම් ලැබූ පිරිස අතර අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය කළමනාකරුවන්, ව්‍යාප්ත නිලධාරීන්, පර්යේෂණාගාර සහායකයින්, කාර්මික සහකාරවරුන්, ක්ෂේත්‍ර නිලධාරීන් සහ ගොවිපළ සැලසුම් නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රගතියට සෘජුවම දායක වන තනතුරු රැසක් ඇතුළත් වේ.
දිගුකාලීනව පැවති පුරප්පාඩු මෙලෙස සම්පූර්ණ කිරීම මගින් පොල් වගාකරුවන්ට ලබාදෙන සේවාවන් විධිමත් කිරීමටත්, දේශීය මෙන්ම අපනයන වෙළෙඳපොළ තුළ පොල් කර්මාන්තය නව මාවතකට යොමු කිරීමටත් හැකිවනු ඇතැයි වැවිලි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.














