ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපති ලෙස පත් වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබේ.
මෙම විශේෂ හමුව පසුගිය 10 වැනි දින කොළඹ පිහිටි අගරදගුරු නිල නිවෙසේදී සිදු වූ අතර, එහිදී නව යුද හමුදාපතිවරයා විසින් අගරදගුරු හිමිපාණන් බැහැදැක සිය නව ධුරයේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ආශීර්වාද ලබා ගන්නා ලදී.














