පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත පසුවන හිටපු බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ මහතා පරීක්ෂා කිරීම සඳහා පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් පසුගිය සතියේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණ තිබේ.
එහි පැමිණි වෛද්‍ය මණ්ඩලය පෙරවරු 9.00 සිට සවස් වනතුරු ඔහු පරීක්ෂා කළ බව ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ලබා දුන් නියෝගයකට අනුව මෙම පරීක්ෂා කිරීම සිදු කර ඇති අතර, එළැඹෙන සතියේ සලේ මහතාගේ පවුලේ ඥාතීන් හමුවීමටද මෙම වෛද්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
විශේෂඥ අධිකරණ මානසික වෛද්‍ය සුසිත මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද මෙම වෛද්‍ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විශේෂඥ වෛද්‍ය චිත්තාහරි අබේනායක, ශ්‍රී ලංකා මනෝ විද්‍යාඥයන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය දසන්ති අක්මීමන, විශේෂඥ වෛද්‍ය දුලෙයිකා අමරසිංහ වාස් සහ විශේෂඥ වෛද්‍ය වජිර ධර්මවර්ධන යන මහත්ම මහත්මීහු කටයුතු කරති.
















