මදුරු දෂ්ඨනයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින්, පෙර පාසල් දරුවන්ව අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසවා පෙර පාසල් වෙත යොමු කරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.
අද (13) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති “මුල් ළමාවිය ජාතික සතිය” සැමරීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
ඩෙංගු වැනි මදුරු මගින් බෝවන රෝගවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් දරුවන්ට ද මෙලෙස අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් පාසල් පැමිණීමට අවසර ලබා දී තිබූ අතර, එම ආරක්ෂිත පියවර පෙර පාසල් දරුවන් සඳහා ද ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරිය ඉල්ලා සිටී.
















