ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර විවාහය සහ දරු ප්‍රසූතිය ප්‍රමාද වීමේ ප්‍රවණතාව, පවුල් ජීවිතය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස නොව, වත්මන් ආර්ථික හා සමාජීය යථාර්ථයන් හමුවේ ඔවුන් දක්වන ස්වාභාවික ප්‍රතිචාරයක් බව ශ්‍රී ලංකා ජනගහන සංගමයේ සභාපති සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජන විකාශනය පිළිබඳ මහාචාර්ය මනෝරි කළුතන්ත්‍රි වීරතුංග මහත්මිය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හුදෙක් පුද්ගලික තීරණයක් නොව, ජීවන වියදම ඉහළ යාම, නිවාස ගැටලු සහ රැකියා ක්ෂේත්‍රයේ පවතින අනාරක්ෂිතභාවය වැනි අභියෝග රැසක ප්‍රතිඵලයක් බව මහාචාර්යවරිය සඳහන් කරයි. ආර්ථික ස්ථායිතාව නොමැති පසුබිමක් තුළ පවුල් ජීවිතයක් ආරම්භ කිරීම සහ දරුවන් බිහි කිරීම අසීරු ඉලක්කයක් බවට පත්ව තිබීම තරුණ පරපුරේ මෙම වෙනසට ප්‍රධාන හේතුව බව ඇගේ අදහසයි.
ජාතික මට්ටමින් සිදුකරන ලද අධ්‍යයනයන්ට අනුව, තරුණ තරුණියන් තම වෘත්තීය ජීවිතය ස්ථාවර කර ගැනීම සඳහා වැඩි කාලයක් වැය කිරීමට පෙළඹී ඇති අතර, පවුල් ඒකකයක් ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික ශක්තිය නොමැතිකම නිසා විවාහය කල් දැමීමට ඔවුන්ට සිදුව ඇත. මෙම ප්‍රවණතාව දිගුකාලීනව රටේ සමස්ත ජනගහන ව්‍යුහය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බැවින්, පවුල් ඒකකය ශක්තිමත් කිරීමට සහ සහාය වීමට රජයේ සහ සමාජයේ අවධානය යොමු විය යුතු බව මහාචාර්යවරිය වැඩිදුරටත් අවධාරණය කරයි.
















