• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

LNG විදුලි බලාගාර පිහිටුවීමේ දී ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය නව ඉන්දීය මහකොමසාරිස් කියයි

2 June 2020
in දේශීය

ශ්‍රී ලංකාවේ LNG විදුලි බලාගාර පිහිටුවීමේ දී ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය පළ කිරීමට සූදානම් බව ද ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා පැවසිය.

ඒ මහතා මේ බව පැවසුවේ විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර ඊයේ (01) පස්වරුවේ අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදිය.

මෙම සාකච්ඡාවේ දී විශේෂයෙන් ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය පිලිබඳවත්, ප්‍රවාහණ අංශ නවීකරණ කටයුතු සම්බන්ධවත් සාකච්ඡා කරනු ලැබීය.

මීට අමතරව විශේෂ කාරණයක් වශයෙන් දැනට IOC සමාගම සතුව පවතින ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි පද්ධතිය සම්බන්ධව ද අවධානය යොමු කරනු ලැබීය. එහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙන ලද්දේ ලෝක වෙලෙඳ පළේ ඉන්ධන මිල අවම වී ඇති අවස්ථාවක අතිරේක ඉන්ධන තොග ගබඩා කිරීම සඳහා අමතර ටැංකි පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි අපහසුතාවයන්ට මුහුණ පා සිටින බවයි. එමනිසා එම ටැංකි පද්ධතියෙන් කිහිපයක් හෝ ලබා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහාය දක්වන ලෙස අමාත්‍යවරයා ඉල්ලිමක් කළේය.

ඒ් අනුව ඉන්දීය මහකොමසාරිස්වරයා ඒ් සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බවත්, ඉදිරියේ දී මේ සම්බන්ධව නිලධාරි මට්ටමෙන් සාකච්ඡා පවත්වා අවශ්‍ය පියවර ගැනීම සුදුසු බව මහකොමසාරිස්වරයා පැවැසූ බව අමාත්‍යවරයා පවසයි. දැනට එම ටැංකි පද්ධතියේ අයිතිය තිබෙන්නේ ඉන්දීය රජයට නොව ඉන්දීය පුද්ගලික සමාගමක් වන IOC සමාගමට වන බැවින් මේ සම්බන්ධව සාකච්ඡා කිරීම අවශ්‍ය වනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා දක්වන සහයෝගය අතිශයින් කරන බව කී අමාත්‍යවරයා විශේෂයෙන් වව්නියාවේ සිට යාපනය දක්වා ඉදි කරන ලද දුම්රිය මාර්ගය සඳහා ඉන්දීය රජය සහාය දැක්වීම තුළ වර්තමානයේ එම ව්‍යාපෘතිය අතිශය සාර්ථක වී ඇති බව ද කීය.

ඉන්දීය මහකොමසාරිස්වරයා අතිගරු ජනාධිපතිතුමා හා අගමැතිතුමා හමුවීමෙන් පසු රජය නියෝජනය කරමින් හමුවු පළමු ඇමැතිවරයා මහින්ද අමරවීර මහතා බව සඳහන් කළේය.

 

Post Views: 5
Previous Post

මහමැතිවරණය අදාළ පෙත්සම විභාගයට ගන්නවාද ? නැද්ද ? තිරණය හෙට

Next Post

රිය අනතුරකින් හමුදා නිලධාරින් දෙනෙකු මිය යයි  

editor

editor

Next Post

රිය අනතුරකින් හමුදා නිලධාරින් දෙනෙකු මිය යයි  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved