අමෙරිකා – ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් මීට මාස 04කට ඉහතදී ජීවිතක්ෂයට පත් වූ තම පියා සහ පවුලේ සාමාජිකයන්ගේ මරණය වෙනුවෙන් පළිගන්නා බවට ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි ප්‍රකාශ කර තිබේ.
හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකුගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (09) සිදු කෙරිණි. එම භූමදාන උත්සවයෙන් අනතුරුව සිය පළමු නිල පණිවිඩය නිකුත් කරමින් නව නායකයා සඳහන් කළේ “පළිගැනීම අපගේ ජාතියේ කැමැත්ත” බවයි.
මෙම අවස්ථාවට සහභාගි වූ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානි බ්‍රිගේඩියර් ජෙනරාල් අහමඩ් වහිඩ් ද අවධාරණය කළේ හිටපු උත්තරීතර නායකයාගේ මරණය සම්බන්ධයෙන් නියත වශයෙන්ම පළිගැනීමේ ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.
















