නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පස්දෙනෙකු විසින් පාලනාධිකාරියේ තීරණයකට විරෝධය පළ කරමින් ඊයේ (18) තියුණු ආයුධයකින් සිය ශරීර කපාගෙන තුවාල සිදුකරගෙන ඇත. තුවාල ලැබූ එම පිරිස මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
බන්ධනාගාර ආරංචි මාර්ග පවසන පරිදි, මීගමුව පල්ලන්සේන කඳවුරට තමන් මාරු කිරීමට ගෙන ඇති තීරණයකට විරෝධය පළ කරමින් මොවුන් මෙම ක්‍රියාව සිදු කර තිබේ. විරෝධයේ නිරත සියලු රැඳවියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව සඳහන් වේ.
මේ අතර, තවත් රැඳවියෙකු බන්ධනාගාර භූමියේ පිහිටි බෝ ගසකට නැග විරෝධයක නිරත වෙමින් පවතින අතර, ඔහු අද (19) දිනයේදීත් එම ගසේ රැඳී සිටින බව වාර්තා වේ.
















