මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලද නව නියෝග මාලාවක් බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
2026 මාර්තු මාසයේදී අංක 248/22 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම නව නියෝග, අදාළ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතු බව ඔහු මෙහිදී යෝජනා කළේය.
















