• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් නව උපායමාර්ග සකස් කළ යුතුයි -ජනපති කියයි

17 June 2022
in දේශීය

කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩප්‍රස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය සමාලෝචනය සඳහා ඊයේ (16) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී

දීර්ඝ කාලයක සිට පවතින නීති – රීති ආයෝජන සඳහා දැඩි බාධාවක්ව පවතී. ආයෝජන දිරිගැන්වීම වෙනුවෙන් නව උපායමාර්ග අනුගමනය කර කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කිරීමට ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය.

විදේශ විනිමය ඉපැයිය හැකි කර්මාන්ත හඳුනාගෙන ඒවායේ උන්නතිය වෙනුවෙන් ගත යුතු ඉදිරි වැඩපිළිවෙළ කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය. විදේශ විනිමය අර්බුදය හමුවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග සහ පිළියම් පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ. අපනයන කර්මාන්ත ආශ්‍රිතව උපයන විදේශ විනිමය සෘජුව අමුද්‍රව්‍ය ආනයනය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට පැවසීය.

දේශීය කර්මාන්ත සඳහා නව ප්‍රතිපත්තියක් සකස් කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය. එහි ප්‍රධාන කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර ඉතා කෙටි කාලයකදී එය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කියා සිටි. මැණික් කර්මාන්තයෙන් ඉපැයිය හැකි විදේශ විනිමය ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පැවතුණ ද පවතින නීති – රීති හේතුවෙන් මැණික් සඳහා නිසි ලාභයක් මෙරටට හිමි නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නව කර්මාන්ත ඇති කිරීමේ දී සහ අරඹා ඇති කර්මාන්ත පවත්වාගෙන යාමේ දී බොහෝ රාජ්‍ය ආයතනවල ඇති නීතිරීති ඒවා අධෛර්යවත් කරන බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේය. මේ නිසා විදේශ ආයෝජකයන් රැසක් රටට අහිමි වූ බව ද දයා රත්නායක මහතා පැවසීය.

කර්මාන්ත සඳහා අනුමැතිය ලබාදෙන සියලු ආයතන එකම මේසයක සිට පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීමට පියවර නොගත හොත් ආයෝජකයන් දිනාගත නොහැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. රටේ ආර්ථිකය වෙළඳාම මත සැකසී තිබේ. එය නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කරගැනීම කාලීන අවශ්‍යතාවක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, කර්මාන්ත අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල නිලධාරිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 7
Previous Post

පිරවුම්හල අසල කලබල ඇති කරන්න එපා.. – ඇමැති කාංචන

Next Post

බැංකු රක්ෂණ සේවාවන් උදෙසා අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි

editor

editor

Next Post

බැංකු රක්ෂණ සේවාවන් උදෙසා අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved