නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු තරගය අද පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ලොව සුප්‍රකට ‘ඕල් බ්ලැක්ස්’ රග්බි කණ්ඩායමට හිමිකම් කියන නවසීලන්තයේ හයවන මට්ටමේ රග්බි කණ්ඩායම ලෙස මෙම කිලෝග්‍රෑම් 85න් පහළ කණ්ඩායම හඳුන්වනු ලබයි. වේගවත් සහ තාක්ෂණික ක්‍රීඩා විලාසයකට ප්‍රකට මෙම බර පන්තියේ රග්බි ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචලිත කිරීමට මෙම සංචාරය ඉමහත් පිටුවහලක් වනු ඇත.
මෙම තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම CR ඇන්ඩ් FC කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩක ලසිඳු කරුණාතිලක වෙත පැවරී තිබේ. ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාවට පවතින උද්යෝගය තවදුරටත් ඉහළ නැංවීමට මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි වැදගත් වන අතර, මෙම තරගාවලියේ නිල ගුවන්විදුලි මාධ්‍ය අනුග්‍රහය හිරු FM සහ සන් FM ඇතුළු හිරු මාධ්‍ය ජාලය විසින් ලබා දෙනු ලබයි.














