තණමල්විල වැල්ලවාය මාර්ගයේ සර්වෝදය හංදිය අසලදී ඊයේ (24) රාත්‍රී සිදුවූ දරුණු රිය අනතුරකින් තණමල්විල පොලිස් ස්ථානයේ කොට්ඨාශ බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් (43309) ජීවිතක්ෂයට පත්ව තිබේ.මෙසේ මියගොස් ඇත්තේ අම්පාර, උහන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ඩී. නිරෝෂන් මහතායි.අනතුර සිදුවන අවස්ථාවේ මියගිය නිලධාරියා යතුරුපැදියකින් වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට ගමන් කරමින් සිට ඇති අතර, එම මාර්ගයේ නවතා තිබූ ගල් ප්‍රවාහනය කරන ලොරි රථයක පිටුපස යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ප්‍රදේශවාසීන් විසින් වහාම තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ද, එහිදී ඔහු මියගොස් තිබේ.
අනතුරට සම්බන්ධ ලොරි රථය සහ එහි රියැදුරු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.














