සේවා කාලය අවසන් කර නැවත දිවයිනට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා වන ආයෝජන ව්‍යාපෘති සඳහා ඌණ උපයෝජිත ඉඩම් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ 2026 අයවැය ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ අද (24) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම, මලෛගම් ජනතාව වෙනුවෙන් ඉදිකරන නිවාස 10,000 ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීම, කුඩා තේ වතු නැවත වගාව සහ රාජ්‍ය වැවිලි සමාගම් 06 හි ලාභදායීතාව ඉහළ යාම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.














