ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සම්බන්ධ තොරතුරු ලබා නොදීමට එරෙහිව නව ජනතා පෙරමුණ විසින් රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංශය වෙත ලිපියක් භාර දී තිබේ. 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ මෙම ඉල්ලීම සිදු කර ඇත.මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක, මහරගම නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා පෙන්වා දුන්නේ කතානායකවරයා විසින් සිදු කරන ලදැයි කියන දූෂණ හා අක්‍රමිකතා රැසක් පිළිබඳව 2025 වසරේ ජූලි මාසයේ සිටම විවිධ රාජ්‍ය ආයතන වෙත තමන් විසින් පැමිණිලි භාර දී ඇති බවයි.ඒ අනුව, කතානායකවරයා විසින් නිවාස දෙකක් සහ වාහන තුනක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් 2025 ජූලි 04 වන දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. එමෙන්ම 2025 ජූලි 09 වන දින කතානායකවරයාගේ කාර්ය මණ්ඩල විස්තර ඉල්ලා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා වෙත ලිපියක් භාර දී තිබේ. ඊට පිළිතුරු නොලැබීම හේතුවෙන් 2026 ජනවාරි 28 වන දින නැවතත් එම ලිපියම භාර දී ඇත. මීට අමතරව, කතානායක නිල නිවස අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ නීතිමය භාවය විමසමින් 2025 අගෝස්තු 11 වන දින ද අල්ලස් කොමිසමට ලිපියක් භාර දී ඇති නමුත් මේ වන තෙක් ඒ කිසිවකට පිළිතුරු ලැබී නොමැති බව හෙතෙම සඳහන් කළේය.වැඩතහනමකට ලක්ව සිටින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද කතානායකවරයාගේ අක්‍රමිකතා පිළිබඳව පැමිණිලි කර තිබුණ ද ඒවාට ද මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැත. කතානායකවරයා සිය තනතුරේ බලතල භාවිත කරමින් තොරතුරු වසන් කරන බවත්, රටේ නීතිය සැමට සමාන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද ප්‍රායෝගිකව නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වන බව මේ තුළින් පෙනී යන බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.මේ හේතුවෙන් අද දින තොරතුරු දැනගැනීමේ පනත යටතේ කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා සම්බන්ධයෙන් ද කරුණු ඉල්ලා සිටි බවත්, මෙවර ද තොරතුරු ලබා දීමට කටයුතු නොකළහොත් නව ජනතා පෙරමුණ වශයෙන් ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රි














