ඉතිහාසයේ වැඩිම ත්‍යාගලාභීන් ප්‍රමාණයක් බිහිකර ඇති ජාතික ලොතරැයි මණ්ඩලය අද දින රුපියල් කොටි 18 කට වඩා වටිනා මුදල් ත්‍යාග, මෝටර් රථ 03 සහ යතුරු පැදි 17 ත්‍යාග ලාභීන් වෙත ලබාදෙන දීමට ඊයේ (24) දින කටයුතු කළේය.
එම අවස්ථාවට එක්වු ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය කියා සිටියේ මෙම ලොතරැයි ටිකට් පත් විකිණිමෙන් ලැබෙන මුදල් මෙරට සංවර්ධනය සඳහා යොදවන බවයි.
ඒ අනුව පාරවල්, රෝහල්, පාසල් ඉදි කිරීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දායකත්වයක් ලැබෙන බව පෙරේරා මහත්මිය පැවසුවාය.