• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නම් දාගන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන්

10 August 2018
in සංවර්ධන

ජනතා බදු මුදලෙන් කෙරෙන සංවර්ධන කටයුතු සඳහා සිය නම් යොදා ගැනීමට දේශපාලනඥයාට කිසිදු අයිතියක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. අදාළ සංවර්ධන කටයුත්තේ වටිනාකම ඉතිහාසය කිරා මැන ජනතාව ඊට අදාළ වටිනාකම ලබා දෙනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමට අද(10) එක්වෙමිනි. ප්‍රදර්ශනය මෙම මස 29, 30 සහ 31 වැනි දිනවල මොණරාගල දී පැවැත්වීමට නියමිතයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ” සංවර්ධනයට පක්ෂ පාට භේදයක් නෑ. ඈත ගමක දුප්පත් දරුවෙක් විදුලිය නැතුව පාඩම් කරනව නම් පක්ෂ පාට භේදයක් නෑ ඒ දරුවගේ නිවසට අපි විදුලිය ලබා දිය යුතුයි. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් විදියට ඔබ හැම මොහොමතකම ජනතාවගේ ගැටලුව මූලික කරගෙන විනා ඔවුන්ගේ දේශපාලනය මූලික කරගෙන ප්‍රශ්න දෙස බලන්න යන්න එපා. එදා අනුර බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වුණා. පසුව කරු ජයසූරිය මහතා යුද්ධයට සහය දක්වන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වෙලා පසුව නැවත එක්සත් ජාතික පක්ෂයට ආව. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙයේ ඉඳල පොදු අපේක්ෂකය වෙලා දැන් ජනාධිපතිතුමා බවට පත් වෙලා ඉන්නවා. අපි එතුමට කියන්නෙ අපේ ජනාධිපතිතුමා කියල. ඒ නිසා සංවර්ධනය වගේ කාරණාවක දී මේ ජනතාවගේ දේශපානය කුමක් ද කියල සොයා බලන්න එපා‘‘ යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.එස්. පත්මකුලසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
.

Post Views: 11
Previous Post

දෙපයින් නැගිටින අයට ශක්තියක් දෙන්න එන්ටප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා සුදානම්

Next Post

බිම් මට්ටමේ කාන්තාව ශක්තිමත් කළේ වත්මන් ආණ්ඩුවෙන් පමණයි ……. ! අගමැති

editor

editor

Next Post

බිම් මට්ටමේ කාන්තාව ශක්තිමත් කළේ වත්මන් ආණ්ඩුවෙන් පමණයි ....... ! අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved