උතුරු හා නැගෙනහිර පළාත්වල තවදුරටත් පවතින බිම්බෝම්බ ඉවත් කර, එම ප්‍රදේශවල ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාත්මක වන මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය මඟින් යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීමටත්, අවතැන් වූ ජනතාවට තම මුල් බිම්වල යළි පදිංචි වී ආර්ථික හා සමාජීය කටයුතුවල නිරත වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත් විශාල සහනයක් ලැබෙනු ඇත.
















