ස්ථාන මාරුවීම් ලබාදී තිබියදිත් නව සේවා ස්ථානයන් හී සේවයට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් බී.ජී.එස් ගුණතිලක මහත්මියට දැනුම් දී ඇත.
මෙලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පසුගියදා පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දීය.
එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් මුදා නොහරින රෝහල් අධ්යක්ෂවරුන් සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
තවද එම රෝහල් සදහා ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන නතර කිරිමටත් රෝහල් අධ්යක්ෂවරයාට උසස්වීම් ලබාදීමේ දී පරිපාලන දක්ෂතාවලට ලකුණු ලබාදීමේ දී මේ පිළීබදව අවධානය යොමු කිරිමටත් තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල දිසා රෝහල මුලික රෝහලක් ලෙස පත් කරමින් සංවර්ධනය කිරීමට ද මෙහිදී තීරණය විය. ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 485 කි. විදේශ ආයෝජනයක් මත රෝහල සංවර්ධනය කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රේඛිය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල්වලට අමතරව පළාත් සභා යටතේ පවතින මුලික රෝහලකට සී.ටී ස්කැනර් යන්ත්‍රයක් ලබාදීමට ද මෙම සමුළුවේදී තීරණය විය.