ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර රහසිගත දේශපාලන එකඟතාවයක් (ඩීල් එකක්) පවතින බවට ජාතික ජන බලවේගයේ (NPP) කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන මහතා අද (24) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, පසුගිය බ්‍රහස්පතින්දා නීතිඥ සංගමයේ සභාපතිවරයා විපක්ෂ නායකවරයා හමු වී සාකච්ඡා පවත්වා ඇති බවයි. එහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් (SJB) බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකත්වය ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා, රජීව් අමරසූරිය මහතා වෙත පොරොන්දු වී ඇති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අභියෝගාත්මකව ප්‍රකාශ කළේය.














