ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව නිදහස් සටන් මධ්‍යස්ථානය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ මන්ත්‍රීවරුන්, සිය මන්ත්‍රී ධුරයට හිමි වරප්‍රසාද වන දීමනා ලබාදීමේ අරමුණ වන මහජන යහපත උදෙසා නොයොදවා ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) බැංකු ගිණුමට තැන්පත් කිරීම මගින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බව පවසමින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
මෙම පැමිණිල්ල මඟින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාම කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශනයක් සිදු කරන ලෙසත්, පක්ෂයේ බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙසත් ඉල්ලා තිබේ.














