ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීමේ මෙහෙවරෙහි නිරත NSBM හරිත සරසවිය (NSBM Green University), සිය 10 වැනි සංවත්සරය සමරන මෙම වසරේ මැයි මස නව කණ්ඩායම සඳහා ලියාපදිංචිය නිල වශයෙන් ආරම්භ කර තිබේ. අක්කර 70ක භූමි භාගයක පැතිරුණු අතිනවීන පහසුකම්වලින් සපිරි මෙම සරසවිය, ගෙවුණු දශකය පුරා සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව වෙනස් කරමින් අනාගතයට ගැළපෙන නායකයින් බිහි කිරීමට කැපවී සිටියි. වසරේ මුල් භාගයේදී සිය ඉතිහාසයේ විශාලතම ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගත් NSBM සරසවිය, උසස් පෙළ ප්‍රතිඵල ලැබූ සිසුන්ට ප්‍රමාදයකින් තොරව සිය උසස් අධ්‍යාපනය ආරම්භ කිරීමට මෙලෙස අවස්ථාව සලසා දී ඇත.
ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු, විද්‍යා, නීති, හෙද, මනෝවිද්‍යාව සහ නිර්මාණකරණය වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ උපාධි පාඨමාලා 70කට අධික සංඛ්‍යාවක් මෙහිදී හැදෑරිය හැකිය. ඒ අතර උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පිළිගත් දේශීය උපාධි මෙන්ම එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල ලොව පිළිගත් විශ්වවිද්‍යාල සමඟ අනුබද්ධිත ජාත්‍යන්තර උපාධි ද ඇතුළත් වේ. මේ වන විට උපාධිධාරීන් 23,000කට අධික පිරිසක් රටේ සංවර්ධනයට දායක කර ඇති NSBM සරසවියේ, වර්තමානය වන විට සිසුන් 13,000කට වැඩි පිරිසක් සිය අධ්‍යාපන සිහින සැබෑ කරගනිමින් සිටිති.













