පවතින වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පවුල් 2,112ක පුද්ගලයන් 8,191 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් මහත්මිය පැවැසුවාය.
මෙම ආපදා තත්ත්වය නිසා පවුල් 152කට අයත් පුද්ගලයන් 504 දෙනෙකු මේ වන විට ආරක්ෂිත මධ්‍යස්ථාන 18ක රඳවා සිටින බවත්, විපතට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළාය. අයහපත් කාලගුණය නිසා නිවාස 11ක් සම්පූර්ණයෙන් හානි වී ඇති අතර, තවත් නිවාස 246ක් අර්ධ හානියට පත්ව ඇත. මීට අමතරව, මෙම ආපදාවන් හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.














