හෙටට (23) යෙදී ඇති ජාතික තරුණ දිනය වෙනුවෙන් “Say No – අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා” යන තේමාව පෙරදැරි කරගනිමින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගත් විශේෂ පාගමන් සහ රැළි 25ක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ජාතික තරුණ සේවා සභාව (NYSC) සහ ශ්‍රී ලංකා යෞවන සමාජ ජාතික සම්මේලනය (Youth Club) එක්ව මෙම වැඩසටහන සංවිධානය කර ඇත.මෙහි ප්‍රධාන ජාතික වැඩසටහන මහරගමදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා, කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජ නායකයින් සහ ජාතික සම්මේලනයේ නිලධාරීන් සහභාගී වීමට නියමිතව සිටිති. මීට සමගාමීව සෙසු සියලුම දිස්ත්‍රික්කවල පැවැත්වෙන පාගමන් සඳහා ද එම පළාත්වල තරුණ නායකයින් ඇතුළු විශාල තරුණ තරුණියන් පිරිසක් එක්වීමට නියමිත බව වාර්තා වෙයි.














