යුක්‍රේන අර්බුදය හමුවේ NATO සාමාජික රටවල ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති පසුබිමක, රුමේනියානු ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ඇතුළු වූ රුසියානු ඩ්‍රෝන යානයක් (suspected Russian drone) බිම හෙළීමට රුමේනියානු F-16 ප්‍රහාරක ජෙට් යානයක් සමත්ව තිබේ.
රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව, රුමේනියාව විසින් තම ගුවන් සීමාවට ඇතුළු වූ විදේශීය යානයකට සාර්ථකව ප්‍රහාර එල්ල කර බිම හෙළූ පළමු අවස්ථාව මෙය බව රුමේනියානු ජනාධිපති නිකුසෝර් ඩාන් (Nicusor Dan) තහවුරු කළේය. NATO ගුවන් ආරක්ෂක මෙහෙයුම් යටතේ ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී ජනශූන්‍ය ප්‍රදේශයකදී මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඩ්‍රෝනය විනාශ කර ඇති අතර, සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්














