• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත් ලක්ෂයක් පරිත්‍යාග කෙරේ

28 August 2021
in දේශීය

කොවැක්ස් පහසුකම හරහා ෆයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් -19 එන්නත් මාත්‍රාවන් 100,000 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග වශයෙන් අද (28) ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලීනා ටෙප්ලිට්ස් මහත්මිය විසින් අද පෙරවරුවේ තානාපති නිල නිවසේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

වසංගතය අවසන් කිරීම සඳහා ශක්තිමත් එන්නත්කරණ වැඩසටහනක් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන අතර ඇමරිකානු ජනතාව ඒ සඳහා ලබා දුන් සහයෝගයට ස්තූති වන බව එම එන්නත් තොගය භාර ගනිමින් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, 2021 වසර අවසානය වන විට මෙරට ජනතාව පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, අගෝස්තු 26 වන විට මෙරට ජනගහනයෙන් 25% ක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකි වූ බවත්පැවසීය.

කොවිඩ් මරණ අතුරින්, පූර්ණ එන්නත්කරණයට ලක් වුවන්ගේ මරණ අනුපාතයේ ඉතාම අඩු මට්ටමක් පෙන්නුම් කරන බව ද හෙතෙම කියා සිටියේය.

කොවිඩ් ව්‍යසනය පාලනය සඳහා මෙරටට සහයෝගය ලබා දීමට ඉදිරිපත් වී සිටින සැමදෙනාගේම සහයෝගය මේ අවස්ථාවේ ඉතා වැදගත් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.මෙම අර්බුදයට ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිචාර දැක්වීමේදී එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින අතර දැනටමත් සාර්ථක හවුල්කාරිත්වයක් ගොඩනඟා ගැනීමට හැකි වී ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං, යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කෝග්, ඇමරිකානු ආධාර ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා මෙහෙවර අධ්‍යක්ෂ රීඩ් ඊෂ්ලිමන්,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

 

 

Post Views: 9
Previous Post

මාතලේ ජනතාවට අත්‍යවශ්‍ය දේ මිලදී ගන්න සහන කාලයක්

Next Post

මහජන චීනයෙන් මෙරට හමුදාවට සයිනොෆාම් එන්නත් 300,000 ක්

editor

editor

Next Post

මහජන චීනයෙන් මෙරට හමුදාවට සයිනොෆාම් එන්නත් 300,000 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved