ශ්‍රී ලංකාවේ සාමකාමී සර්ෆින් ක්‍රීඩා කරන ප්‍රදේශයකට කිඹුලෙකු ඇතුළු වීමත් සමඟ එහි සිටි ක්‍රීඩකයින් දැඩි කලබලයට පත් වී ඇති බව ‘SURFER’ සඟරාවේ කළමනාකාර කර්තෘ ඩාෂෙල් පියර්සන් (Dashel Pierson) වාර්තා කරයි.සාමාන්‍යයෙන් සාගරයේදී මෝරෙකු දැකීම හෝ ප්‍රහාරයකට ලක්වීම සෑම සර්ෆින් ක්‍රීඩකයෙකුම බියට පත් කරන කරුණක් වුවද, ඉන්දියානු සාගරයේ සමහර ප්‍රදේශවල හුඟක් මෝරුන්ටත් වඩා බිය දනවන තවත් ප්‍රධාන විලෝපිකයෙකු වන මුහුදු කිඹුලා (saltwater crocodile) මෙලෙස සර්ෆින් ක්‍රීඩකයින් අතරට පැමිණ තිබේ. මෙම සිදුවීමත් සමඟ කිඹුලු කලාපයක් ලෙස සැලකෙන ප්‍රදේශවල ආරක්ෂාව පිළිබඳව නැවත වරක් බියක් මතුව ඇත.














