27 April 2024
#දේශීය

චීනය අතර ඇති සහෝදරත්වය රැක ගන්න ඕන – ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ

චීනය සමඟ මෙරට අතර ඇති සහෝදරක්වය බේරගන්න සියළු දෙනා කටයුතු කල බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය වැය ශීර්ෂය විවාදයට පාර්ලිමේන්තුවේදී ඊයේ (27) අදහස් පළ කරමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ චීනයෙන් අනයනය කල කාබනික පොහොර නැව දැනට දින 70 කටත් වැඩිය මහ මුහුදේ රඳවා ඇති බවයි.

දුකේදිත් සැපේදිත් ශ්‍රී ලංකාව සමග සිටි මිත්‍රයා චීන රාජ්‍ය අද වන විට ශ්‍රී ලංකාව සමග අමනාප වී සිටින බව හෙතෙම පැවසිය.

පක්ෂ විපක්ෂ නිලධාරින් මේ සියළු දෙනාම මේකට වගකියන්න ඕනෑ බව ඔහු අවධාරණය කළේය.

රජයේ රසායනාගාර දෙකක් එකිනෙකට පරස්පර විරෝධි සහතික නිකුත් කරන කොට චීන රජයට අප ගැන ඇති වන වේදනාකාරි තත්ත්වය ඔවුන් හඩනගා අපට පවසන බව ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා අනාවරණ කලේය.

එම පොහොර තොගය රට ඇතුළුට ගැනීමට සුදුසු බවක් අහිතකර ක්‍ෂුද‍්‍ර ජීවීන් නැති බවටත් ප්‍රමිති ආයතනය පවසද්දී ශාක නිරෝධායන සේවය එම පොහොර තොගයේ අහිතකර ක්‍ෂුද‍්‍ර ජීවීන් ඇති බව පවසන්නේ යැයිදැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ආයතන දෙකක් එකිනෙකට වෙනස් පරස්පර පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරද්දී චීන රජය ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල ශ්‍රී ලංකාවට පළ කර ඇති බව ද ඔහු පැවසීය.රටවල් දෙක අතර තිබෙන සහෝදරත්වය බේරගන්න අපි වැඩ කරන්න ඕන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

 

State Minister Shasheendra Rajapaksa says that the conflicting opinions of two Government laboratories has created a painful situation for Chinese-Sri Lanka relations.

Speaking at the Parliament today (26) the State Minister said that the Government was unable to properly provide the organic fertilizer to farmers according to plans due to baseless allegations.

Speaking further, the MP said that the ship with organic fertilizer, ‘Hippo Spirit’, which was imported for this purpose was in Sri Lankan waters for over 70 days.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *