• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තාක්ෂණික විශිෂ්ටත්වය සමඟින් OPPO තවදුරටත් ඉදිරියට

12 June 2018
in ව්‍යාපාර

ලොව වේගයෙන් දියුණු වන ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන OPPO F7 Quality Campaign නමින් විශේෂ ප‍්‍රචාරණ වැඩසටහනක් දියත් කිරීමට පසුගියදා කටයුතු කර තිබේ.

තම පර්යේෂණ කටයුතු, එම පර්යේෂණ කටයුතු වල ප‍්‍රතිඵල සහ දුරකථන නිෂ්පාදනයේදී භාවිතා කරන උසස් ප‍්‍රමිතීන් යනාදී බොහෝ අංශ සම්බන්ධ තොරතුරු ජනතාව වෙත සන්නිවේදනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

‘‘අතිනවීන තාක්ෂණයන් භාවිතා කරමින් ක්ෂේත‍්‍රයට පුරෝගාමී නව හඳුන්වාදීම් රැසක් සිදුකළ සමාගමක් ලෙස, අප විශිෂ්ටත්වය කරා යන ගමන් මග සම්බන්ධ තොරතුරු අපගේ පාරිභෝගිකයන් සමග බෙදාහදාගැනීමට අපට අවශ්‍ය වුණා. OPPO දුරකථන නිපදවීමේදී අප සෑම විටම භාවිතා කරන විශිෂ්ට ප‍්‍රමිතිය නිසා මෙම සෑම දුරකථනයක්ම පරිපූර්ණත්වය සොයා යාමේ උත්සාහයේ ප‍්‍රතිඵලයක් බවට පත්වී තිබෙනවා.” OPPO ශ‍්‍රී ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

තාක්ෂණයේ සීමාමායිම් ඉක්මවා යන සන්නාමයක් ලෙස කීර්තියක් දිනාගැනීමට මේ වනවිට OPPO සමත් වී ඇත. ලොව ප‍්‍රථම Beautify තාක්ෂණය සහිත දුරකථනය, ලොව ප‍්‍රථම භ‍්‍රමණය වන කැමරාව, ලොව ප‍්‍රථම වරට ඡුායාරූප අලංකාර කිරීම සඳහා කෘත‍්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතා කිරීම සහ ප‍්‍රථම වරට 25MP සෙල්ෆී ඡායාරූප කැමරාවක් හඳුන්වාදීම වැනි පුරෝගාමී හඳුන්වාදීම් රැසක් සිදුකිරීමට OPPO සමත් වී තිබේ.

OPPO F‍7 යනු මෙම සුවිශේෂී ගමනේ නවතම සන්ධිස්ථානයයි. සෙරමික් සැකිල්ලක් සහ තල 12 ක් පුරා විහිදුණු සුවිශේෂී නිමාවක් සහිත මෙබඳු දුරකථනයක් මීට පෙර කිසිදු සමාගමක් මගින් වෙළඳපොළට හඳුන්වා දී නැත.2.5D plate සහ වීදුරු නිමාවක් සහිත මෙය සැහැල්ලූ හා මෘදු බවක්ද සහිත අපූර්ව නිර්මාණයකි.

තාක්ෂණික පුරෝගාමීත්වයේ තවත් පියවරක් ඉදිරියට යාමේ අරමුණ ඇතිව, අතිනවීන කෘත‍්‍රිම බුද්ධි තාක්ෂණයන් සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සිදුකිරීම සඳහා ස්ටැන්ෆර්ඞ් විශ්ව විද්‍යාලය සමග එක්වී OPPO-Stanford සහයෝගිතා පර්යේෂණාගාරය ස්ථාපිත කිරීමට OPPO සමාගම මෑතකදී පියවර ගත්තේ ය. තවද New York University, Beijing University of Science සහ Technology and the Beijing University of Posts and Telecommunications යන විශ්ව විද්‍යාල සමගද OPPO අත්වැල් බැඳගෙන සිටී. එපමණක් නොව Qualcomm, SONY, Dolby Laboratories සහ Sense Time වැනි, ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ සමාගම් රැසක් සමගද හවුල්කාරීත්වයන් ඇතිකරගැනීමට OPPO කටයුතු කර ඇත.

සාමාන්‍යයෙන් නව දුරකථනයක් නිපදවීමට පෙර එහි ප‍්‍රමිතිය සම්බන්ධයන් පරීක්ෂාවන් දහසකට අධික සංඛ්‍යාවක් සිදුකිරීමටද OPPO පියවර ගනියි. සෑම උපාංගයකම ප‍්‍රධාන පරිපථ පුවරුව සම්බන්ධයෙන් තත්ත්වය පරීක්ෂාවන් 18 ක් සිදුකෙරෙන අතර සෑම දුරකථනයක් සෙල්සියස් අංශ 15 උෂ්ණත්වයට දින 7 ක් නිරාවරණය කරන වැසි ජලය සහ ශීතල පරීක්ෂාවන්ද සිදුකරනු ලැබේ. එමෙන්ම ආර්ද්‍රතා පරීක්ෂාවේදී දුරකථන සෙල්සියස් අංශක 65 උෂ්ණත්වයේ සහ ආර්ද්‍රතාව 95% මට්ටමේ දින 7 ක් පරීක්ෂාවන්ට ලක්කරයි.
මහා පරිමාණ නිෂ්පාදනය වෙත යොමුකරවීමට පෙර සෑම නව දුරකථනයක් ම පරීක්ෂණ 130 කට අධික සංඛ්‍යාවකට භාජනය වේ. දුරකථනය බිම අතහැරීම සම්බන්ධ .’10,000 Drop Test’ පරීක්ෂාව සහ සෙන්ටිමීටර් 7 ක උසක සිට 20,000 වාරයක් විසි කර පරීක්ෂාවට ලක්කරන Micro Drop Test පරීක්ෂාවද මීට අයත් ය. එමෙන්ම දුරකථනය ඇඹරීමේ හැකියාව සම්බන්ධයෙන් උඩ සිට පහළ දක්වා 1~2N.m ව්‍යවර්තයක් යොදා පරීක්ෂා කෙරේ. එපමණක් නොව USB විවරයන්හි කල්පැවැත්ම පරීක්ෂා කිරීම ස`දහා විශේෂයෙන් සැකසූ පරීක්ෂාවන් භාවිතාකරනු ලබයි.

මේ සියලූ පරීක්ෂාවන් නිසා ක්ෂේත‍්‍රයේ සාමාන්‍ය තත්ත්වය ප‍්‍රතිශතයටත් වඩා ඉහළ මට්ටමින්, 99.8% ක තත්ත්ව ප‍්‍රතිශතයක් සහිත දුරකථන නිපදවීමට OPPO සමාගමට හැකියාව ලැබී ඇත.
අවශ්‍ය වුවහොත් දින 7 ක් ඇතුළත නව දුරකථනයක් ලබාදීම සඳහා වන සේවා වැඩසටභනක්ද මේ වනවිට OPPO සමාගම හඳුන්වා දී තිබේ. ශ‍්‍රී ලංකාව තුළ අතිනවීන OPPO සේවා මධ්‍යස්ථාන කොළඹ, ගාල්ල, මහනුවර සහ මඩකලපුව යන ප‍්‍රදේශ වල ස්ථාපිත කර ඇති අතර 90% කට වැඩි අලූත්වැඩියාවන් පැය 2 ක් ඇතුළත සිදුකිරීමේ හැකියාව මෙම මධ්‍යස්ථාන සතු ය.

Post Views: 11
Previous Post

ගොවීන්ට සූර්ය බල විසුරුම් ජල සම්පාදන ක්‍රමයක්

Next Post

දෙනවාද නැද්ද? හරියට කියන්න

editor

editor

Next Post

දෙනවාද නැද්ද? හරියට කියන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved