• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

OPPO F9 Starry Purple වෙළෙඳ පොළට

1 October 2018
in ව්‍යාපාර

OPPO F9 Starry Purple දුරකථනය ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දීමට OPPO Sri Lanka සමාගම පසුගියදා කටයුතු කළේ ය. මීට පෙර Sunrise Red සහ Twilight Blue වර්ණ සහිත F9 දුරකථන OPPO මගින් මෙරටට හඳුන්වා දී තිබිණි.

විනාඩි 5 ක ආරෝපණයකින් පැය 2 ක කතා කාලයක් ලබාදෙන VOOC තාක්ෂණය සහ ලොව ප‍්‍රථම වරට හඳුන්වා දෙන Gradient Color නිමාවද මීට ඇතුළත් වී තිබේ. රු. 54,990 කට මිලදීගත හැකි OPPO F9 Starry Purple දුරකථනය දැන් දිවයින පුරා අබාන්ස්, සිංහගිරි, ඩයලොග් ප‍්‍රදර්ශනාගාර සහ OPPO බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් මිලදීගත හැක. නව දුරකථනය තවතවත් පාරිභෝගිකයන් අතරට ගෙනයාම සඳහා .OPPO Road Show’ වැඩසටහනක් සංවිධානය කිරීමටද OPPO Sri Lanka සමාගම මේ වනවිට කටයුතු යොදා තිබේ.

සුපුරුදු ලෙසම විශිෂ්ට මට්ටමේ සෙල්ෆි ඡායාරූප ගැනීමේ හැකියාවට අමතරව, හඳුන්වා දෙනි Waterdrop Screen නිමාව, 90.8% screen to body ratio අගය, සුවිශේෂී Gradient Color Design සහ 3500 mAh බැටරිය වැනි විශේෂාංග රැසක් සමගින් එන OPPO F9 Starry Purple, ඉහළම තලයේ දුරකථනයක විශේෂාංග හා පෙනුම එක්තැන් කරන අපූර්ව නිර්මාණයකි.

‘‘තරු පිරි රාත‍්‍රී අහසක සුන්දරත්වයෙන් ආභාෂය ලබමින් OPPO නිර්මාණ ශිල්පීත්වයෙන් නිමවු OPPO F9 Starry Purple දුරකථනය ලාංකීීය වෙළඳපොළට හඳුන්වා දීමට ලැබීම අපට විශාල සතුටක්. මෙරට පාරිභෝගිකයන්ට සැප්තැම්බර් 29 දින සිට මේ දුරකථනය මිලදී ගැනීමේ හැකියාව ලැබේවි.” OPPO Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී (Bob Li) මහතා පැවසී ය.

OPPO විසින් ස්වාධීනව නිර්මාණය කළ තාක්ෂණයක් වන VOOC Flash Charge හිදී අඩු වෝල්ටීයතාවක් මගින් ආරෝපණය වීමේ ක‍්‍රමයක් භාවිතා වන අතර 5V/1A මට්ටමකදී සාමාන්‍ය ආරෝපණයකට වඩා 4 ගුණයක් වේගයෙන් බැටරිය ආරෝපණය වේ. මීට අමතරව මෙම නව ක‍්‍රමය මගින් ඇඩැප්ටරයේ සිට දුරකථනයේ අභ්‍යන්තරය දක්වා තල 5 කදී ආරක්ෂාව සැලසේ. වෝල්ටීයතාව අඩුකිරීමේ පද්ධතිය වෙනුවට මෙහි MCU එකක් යොදා ඇත. එමෙන්ම ඉහළ වෝල්ටීයතා සහිත වේගවත් ආරෝපණ ක‍්‍රමවේද වලදී මෙන් නොව දුරකථනය භාවිතයේදී පවා අධිවේගයෙන් දුරකථනය ආරෝපණය කළ හැකි වීම තවත් විශේෂත්වයකි.
OPPO භාවිතා කරන Gradient Spraying Technology සහ Frame Gradient tech නිසා මෙහි අලංකාරය තවත් වැඩිවී ඇත. දැනටමත් මෙය ලොව පුරාම තරුණ තරුණියන්ගේ සිත් දිනාගත් වර්ණ රටාවන් පෙළක් බවට පත්වී තිබේ. මෙම තාක්ෂණයන් භාවිතයෙන් නීමවී ඇති OPPO F9 Starry Purple දුරකථනය අද දවසේ තාරුණ්‍යයේ රුචිකත්වය මෙන්ම OPPO සමාගමේ නිර්මාණාත්මක දෘෂ්ටියද විදහා දක්වන නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි වේ.
2014 වසරේදී OPPO සමාගම VOOC තාක්ෂණය හඳුන්වා දුන් අතර එතැන් පටන් මේ දක්වා පේටන්ට් බලපත‍්‍ර 500 කට අධික සංඛ්‍යාවක් සඳහා ඉල්ලූම් කර ඇත. දැනට ලොව පුරා මිලියන 90 කට අධික පිරිසක් මෙම තාක්ෂණය භාවිතා කරන නිසා එය ලොව වඩාත් දියුණු වූ වාණිජ අධිවේගී ආරෝපණ තාක්ෂණය ලෙස සැලකේ. OPPO F9 Starry Purple දුරකථනයට 3500mAh බැටරියක් යොදා ඇති අතර ඊට AI Battery Management ක‍්‍රමවේදයද භාවිතා වන නිසා එහි ආරෝපණය දිගු වේලාවක් පවතිනු ඇත.

 

Post Views: 13
Previous Post

අනුන්ගේ පරණ පව් ගෙවන්නේ අපියි – අගමැති  

Next Post

මහින්දට පොහොට්ටුවේ නායකත්වය …..! – ජී.එල් පිරිස් කියයි

editor

editor

Next Post

මහින්දට පොහොට්ටුවේ නායකත්වය .....! - ජී.එල් පිරිස් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved