වත්මන් විපක්ෂයේ හැසිරීම ඉතා කණගාටුදායක බව පවසන ගමගෙදර දිසානායක මහතා, රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට වඩා විපක්ෂය මේ වන විට කටයුතු කරමින් සිටින්නේ තමන් අතින් ගිලිහී ගිය දේශපාලන බලය නැවත ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පමණක් කල්පනා කරමින් බව චෝදනා කරයි.
ඔහු පෙන්වා දෙන්නේ, ජනතාව වෙනුවෙන් වගකිවයුතු විපක්ෂයක් ලෙස කටයුතු කරනවා වෙනුවට බලලෝභී අරමුණු වෙනුවෙන් පමණක් විපක්ෂය පෙළඹී සිටීම රටේ අනාගතයට අහිතකර බවයි.
















