පිටරටක මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේදී ඒ රටේ නීතියට අවනතව සහ එම රට පිළිබඳ නිසි අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතු බවත්, සාමාන්‍යයෙන් පීනන්න නම් වතුරට බැසිය යුතු බැවින් ඩුබායි හිදී දියත් කළ කංජිපානි ඉම්රාන් අල්ලා ගැනීමේ මෙහෙයුම අසාර්ථක මෙහෙයුමක් ලෙස නොසැලකෙන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග ඕලුගල මහතා ප්‍රකාශ කර තිබේ.
යම්කිසි ගමකට ගිය විට ඒ ගැන එතරම් අවබෝධයක් නොමැති වන්නාක් මෙන් වෙනත් රටකදී මෙහෙයුම් දියත් කිරීමේ අභියෝග පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.














