• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

 කාබනික පොහොරවල ප්‍රමිතිය සොයා බැලේ 

30 August 2018
in සංවර්ධන

නාගරික කැලිකසලවලින් නිපදවන කාබනික පොහොර වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා වහාම විමර්ශනයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.  නාගරික කසලවලින් නිපදවනු ලබන කාබනික පොහොරවල කැඩිමියම් ප්‍රතිශතය ඉහළ මට්ටමක  පවතින බවට ඇතැම් පාර්ශව විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා නාගරික කසලවලින් නිපදවනු ලබන කාබනික පොහොරවල සංයුතිය පිළිබඳව වහාම විද්‍යාත්මක විමර්ශනයක් සිදු කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසට ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දෙනු ලැබී ය.

කාබනික ගොවිතැනට ගොවීන් නැඹුරු කරන අතරම, ඔවුන් විසින් යොදාගන්නා කාබනික පොහොරවල කැඩ්මියම් ඇතුලු බැර ලෝහවල ප්‍රතිශතය ඉහල මට්ටමක පවතී නම් එමඟින් මහජන සෞඛ්‍ය සම්පන්නභාවය උදෙසා ගැටළුවක් පැන නඟින බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

දිවයිනේ පොහොර බෙදා හැරීම සහ පොහොර භාවිතය සම්බන්ධයෙන් සතිපතා පැවැත්වෙන පොහොර සමාලෝචන රැස්වීම අද (30) දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි. එම සාකච්ඡාවට පොහොර බෙදා හැරීමට අදාලව කටයුතු කරන සියලුම ආයතනවල ප්‍රධානීහු සහභාගී වූහ.

එහිදී කාබනික පොහොර සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා වූ අතර කාබනික පොහොර භාවිතයෙන් ළඟා කරගත හැකි යහ කාරණා පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමුකරන ලෙස ද එම කරුණු සෑමවිටම සහතික කර ගැනීම පිණිස කටයුතු කරන්නැයි ද  අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.

 

Post Views: 23
Previous Post

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මොණරාගලින් ආරම්භ වෙයි 

Next Post

සංස්ථා පනත වෙනස් කරනවා – ඇමැති අර්ජුන කියයි 

editor

editor

Next Post

සංස්ථා පනත වෙනස් කරනවා - ඇමැති අර්ජුන කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved